Monday, May 23, 2016



නිමා වන්නට අර අදින
සැනසුම් විරාමයක
දැලි පිහියෙන්
කිරි කන්න
` ගසනව ද නුඹ මට

කොයි ම මොහොතක වුව
අවදි වන්නට නියමිත
නිදන බිල්ලකු සම` කොට
මගේ වාසය...?

අවධානමේ ම ලන
අතුරෙ යන්නාක් වැනි සතුටක
සැබෑ සතුටක්
තිබිය හැකි නැත

මුලදි පැණි රස දෙවන
තිත්ත රසයක් ශේෂ වන
ලොසින්ජරයකට
සත පහක් වුව වියදමට
පිස්සුවක් ඇත්තේ කාට ද!

පසාරු කරගෙන
නිශ්චලත්වය
ගැඹුරු ඇති ගං දියට
ගල් වැදෙනු ඇත
නුදුරේ ම.


-නි.මි. -


20.03.2015



















Friday, June 19, 2015



ආදරණීයම පැරදුම



ආසියා පැන ගිය
කොළ අතකින්
මාව
දිනවන්න හිතපු
පහුගිය සීත කාලය
මතක ද?

හැමදාම
පැරදුණත්
පැරදුමත් දිනුමකැයි
දැන් හිතෙන්නේ
පරදින්න හරි
එකට හිටි ඒ කාලෙ
ආපිට නො එන්න ම
ගෙවිල ගිය හන්දයි

හාරත තුරුම්පුව
වරද්දා ගත්තාට
ජීවිතේ තේරුණා නේ ද
නුඔට
අපි කාටවත් වැඩිය?

දිනන්න ම තියෙද්දිත්
අන්තිම මොහොතට
ආපහු හැරුණෙ
මමයි
ඒ රුවිතෙට ම හිතල පුරුද්දට

රිදෙන්නේ ඒකයි
පපුව මැද තැනක්
තාමත්
හීනියට
කාඩ් සෙල්ලම
මතක් වෙනකොට

හීන දකින්න
බයයි
ඒ වුණත්...

“සීත කාලේ දවසක
එන්න ඇත්නම්
ආයෙම
නුඹට!”

මට ඕන
තව එක වරක්
නුඹත් එක්ක
පරදින්න




-නිමන්ති මිහිදුකුලසූරිය-
02.02.2015